සූරා 36 · ජුස් 23

Ya-Sin · 36:28

۞ وَمَا أَنْزَلْنَا عَلَىٰ قَوْمِهِ مِنْ بَعْدِهِ مِنْ جُنْدٍ مِنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ

ඔහුගෙන් පසු ව අහසින් කිසිදු සේනාවක් අපි ඔහුගේ ජනයා වෙත පහළ නොකළෙමු. තවද අපි පහළ කරන්නන් ලෙස නොසිටියෙමු.

තෆ්සීර්

ඔහු ව බොරු කොට ඔහු ව ඝාතනය කළ ඔහුගේ ජනයා විනාශ කිරීමේදී අහසින් පහළ වන මලක්වරුන්ගෙන් වූ සේනාවක් අපි පහළ නොකළෙමු. සමූහයක් විනාශ කරන විට ඔවුන් වෙත මලක්වරුන් පහළ කරන්නන් ලෙස අපි නොසිටියෙමු. ඔවුන්ගේ කරුණ ඊටත් වඩා අප අබියස පහසු දෙයක් විය. ඔවුන් විනාශ කිරීම සඳහා දඬුවමේ මලක්වරුන් පහළ කිරීමෙන් තොරව අහසින් වූ මහා හඬකින් ඔවුන්ගේ විනාශ සිදු කිරීමට අපි බලය දැරුවෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න