සූරා 36 · ජුස් 22

Ya-Sin · 36:27

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ

“මාගේ පරමාධිපති මට සමාව දී ඇති බවත් තවද ඔහු මා ගෞරවනීය අය අතරට පත් කර ඇති බවත් (ඔවුහු දැන ගන්නේ නම්)”

තෆ්සීර්

ඔහු දිවි පිදූ පසු ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ කියනු ලැබීය. ‘නුඹ ස්වර්ගයට පිවිසෙනු. ඔහු ස්වර්ගයට පිවිස එහි ඇති සැප පහසුකම් දුටු කල්හි යහපත අපේක්ෂාවෙන් ඔහු, ‘මා බොරු කොට මා ඝාතනය කළ මාගේ සමූහයා මට ලැබුණු පාපක්ෂමාව හා මාගේ පරමාධිපති මට පිරිනැමූ ගෞරවය ගැන දැනගෙන මම විශ්වාස කළාක් මෙන්ම ඔවුන් ද විශ්වාස කොට මාගේ ප්රතිඵල මෙන්ම ඔවුන් ද ප්රතිඵල හිමි කර ගත්තා නම්!’ යැයි පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න