සූරා 36 · ජුස් 22

Ya-Sin · 36:15

قَالُوا مَا أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا وَمَا أَنْزَلَ الرَّحْمَٰنُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا تَكْذِبُونَ

“නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. තවද මහාකරුණාන්විත යාණන් කිසිවක් පහළ කළේ නැත. නුඹලා බොරු පවසන්නන් මිස නැතැයි” ඔවුහු පැවසූහ.

තෆ්සීර්

එම ගම්වාසීන් එම දූතවරුන්හට, ‘නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා නුඹලාට කිසිදු විශේෂත්වයක් නැත. මහා කරුණාන්විතයාණන් නුඹලා වෙත කිසිදු දිව්ය පණිවිඩයක් පහළ කර ද නැත. නුඹලා කරන මෙම වාදයේ අල්ලාහ් මත බොරු ගොතනවාක් මිස නැත." යැයි පැවසුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න