සූරා 36 · ජුස් 22

Ya-Sin · 36:14

إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ

අපි ඔවුන් වෙත දෙදෙනකු එවූ විට ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. එවිට අපි තුන්වැන්නා ගෙන් බලවත් කළෙමු. එවිට “නියත වශයෙන්ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු” යැයි ඔවුහු පැවසූහ.

තෆ්සීර්

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කිරීම සඳහා ඔවුන් ඇරයුම් කිරීම පිණිස පළමු ව අපි ඔවුන් වෙත දහම් දූතවරුන් දෙදෙනෙකු එවූ අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු එම දහම් දූතවරුන් දෙදෙනාව බොරු කොට ප්රතික්ෂේප කළෝය. පසුව ඔවුන් සමග තුන්වන දූතයකු එවා ඔවුන් දෙදෙනාව අපි ශක්තිමත් කළෙමු. මෙම දූතවරුන් තිදෙනාම එම ගම්වැසියන් හට ‘සැබැවින්ම අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ පිළිවෙත නුඹලා අනුගමනය කිරීම සඳහා අප නුඹලා ඇරයුම් කිරීම පිණිස අපි තිදෙනා නුඹලා වෙත එවනු ලැබූවෝ වෙමු.’ යැයි පැවසුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න