සූරා 36 · ජුස් 22
Ya-Sin · 36:12
إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ
නියත වශයෙන්ම අපි මළවුනට ජීවය දෙන්නෙමු. ඔවුන් පෙර කළ දෑ ද ඔවුන්ගේ සලකුණු ද අපි සටහන් කරන්නෙමු. තවද සියලු දෑ අපි එය පැහැදිලි මෙහෙයුමක් තුළ සටහන් කර ඇත්තෙමු.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා මළවුන් අවදි කරවා ඔවුනට සැබැවින්ම ජීවය ලබා දෙන්නෙමු. ඔවුන් මෙලොව පෙර කළ දැහැමි ක්රියාවන් හා නපුරු ක්රියාවන් අපි සටහන් කරමු. ඔවුන් මිය ගිය පසු ඔවුනට ඉතිරිවන දෑ එනම් සදකා වැන්නකින් ඇතිවන යහපත හා දේව ප්රතික්ෂේපය වැන්නකින් ඇතිවන පාපකම් ද අපි සටහන් කරමු. සියලු දෑ පැහැදිලි ග්රන්ථයෙහි අපි ගණන් බලා තැබුවෙමු. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂක ඵලකයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න