සූරා 36 · ජුස් 22
Ya-Sin · 36:11
إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
නියත වශයෙන්ම ඔබ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට (කිසිවකු) නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ටය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව ඔහුට ශුභාරංචි දන්වනු.
තෆ්සීර්
නුඹේ අවවාදය සැබෑ ලෙස ප්රයෝජනවත් වනුයේ මෙම කුර්ආනය සත්යය බව පිළිගෙන එහි ඇති දෑ අනුව පිළිපැද වෙනත් කිසිවෙකු නොදකින පරිදි තනි ව සිටිය දී තම පරමාධිපතිට බියවූවන්හටය. මෙම ගුණාංග ඇත්තන්හට තම පාපයන් අල්ලාහ් මකා දමන බවටත් ඒවාට ඔහු සමාව දෙන බවටත් මතුලොවෙහි අතිමහත් කුසල් ඔහු වෙනුවෙන් අපේක්ෂාවෙන් පවතින බවටත් එය ස්වර්ගයට ප්රවේශ වීමයි යන සතුටුදායක ආරංචිය දන්වා සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න