සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:69
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ آذَوْا مُوسَىٰ فَبَرَّأَهُ اللَّهُ مِمَّا قَالُوا ۚ وَكَانَ عِنْدَ اللَّهِ وَجِيهًا
අහෝ විශ්වාස කළවුනි! මූසාට හිංසා පීඩා කළ අය මෙන් නුඹලා නොවනු. එවිට අල්ලාහ් ඔවුන් පවසන දැයින් ඔහු නිදොස් කළේය. තවද ඔහු අල්ලාහ් අබියස ගෞරවාන්විත විය.
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා නුඹලාගේ දූතයාණන්හට හිංසා නොකරනු. එවිට මූසාගේ ශරීරය සම්බන්ධයෙන් අඩුපාඩු පවසා සිටියාක් මෙන් එතුමාට හිංසා පීඩාවන් ඇති කළවුන් බවට නුඹලා පත් වන්නෙහුය. ඔවුන් පවසන දැයින් අල්ලාහ් ඔහු ව නිදොස් කළේය. ඔවුන් පවසන දෑ සම්බන්ධයෙන් ඔහු නිරෝගී බව ඔවුනට පැහැදිලි කළේය. අල්ලාහ් අබියස මූසා යහපත් අයකු වූ අතර ඔහුගේ ප්රාර්ථනාව ප්රතික්ෂේප කරනු ලැබුවේ නැත. ඔහුගේ බලාපොරොත්තු සුන් කළේ ද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න