සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:63

يَسْأَلُكَ النَّاسُ عَنِ السَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ تَكُونُ قَرِيبًا

අවසන් හෝරාව පිළිබඳ ජනයා ඔබෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි ඔබ පවසනු. අවසන් හෝරාව සමීපයෙන් සිදුවිය හැකැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?

තෆ්සීර්

අහෝ දූතය! ප්රතික්ෂේප හා බොරු කිරීමේ ස්වභාවයෙන් දේව ආදේශකයෝ නුඹෙන් ප්රශ්න අසති. එමෙන්ම යුදෙව්වන් ද අවසන් හෝරාව ගැනත් එය කවර වේලාවක සිදුවන්නේ ද යන වගත් නුඹෙන් විමසති. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ් අබියස ඇති අවසන් හෝරාව පිළිබඳ දැනුමෙන් කිසිවක් මා සතුව නැතැ"යි පවසනු. අහෝ දූතය! සැබැවින්ම අවසන් හෝරාව ඉතා සමීපයෙන් ඇති බව නුඹට ඇඟවූයේ කුමක් ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න