සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:60

۞ لَئِنْ لَمْ يَنْتَهِ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَا إِلَّا قَلِيلًا

කුහකයින් තම සිත් තුළ රෝග ඇත්තවුන් හා මදීනාවෙහි කටකතා පතුරුවන්නන් (ඔවුන්ගේ ක්‍රියාදාමයන්ගෙන්) ඔවුන් නොවැළකුණෙහු නම් අපි නුඹ ව ඔවුන් කෙරෙහි බලය යෙදවීමට සලස්වමු. පසු ව ඔවුහු ස්වල්ප කාලයක් මිස ඔබ සමග අසල්වැසියන් ලෙස නොසිටිනු ඇත.

තෆ්සීර්

දේව ප්රතික්ෂේපය තමන් තුළ සඟවා ගනිමින් හා ඉස්ලාමය මතුපිටින් පෙන්වමින් ඔවුන් සිදු කරන ඔවුන්ගේ කුහකභාවයෙන් කුහකයින් නො වැළකුණේ නම්, එමෙන්ම ඔවුන්ගේ ආශාවන් සමග බැඳුණු දුරාචාරය ඔවුන්ගේ හදවත් තුළ ඇත්තන් හා මදීනාවේ අසත්ය තොරතුරු පතුරුවමින් දේව විශ්වාසීන් අතර බෙදීම් ඇති කරන්නට උත්සාහ කරන්නන් ඔවුන්ගේ ක්රියාදාමයන්ගෙන් නො වැළකුණේ නම්, අහෝ දූතය! ඔවුනට දඬුවම් කරන මෙන් ද ඔවුන් මත ආධිපත්යය දරන මෙන් ද අපි නුඹට නියෝග කරන්නෙමු. පසුව ඔවුන් මහපොළොවේ කලහකාරීව හැසිරීම හේතුවෙන් ඔවුන් එයින් නෙරපා හැරීම හා ඔවුන් විනාශ කිරීම සඳහා මදීනාවෙහි ස්වල්ප කාලයක් මිස ඔවුන් වාසය නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න