සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:59

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් විශ්වාසවන්තයින්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මතු පිට වස්ත්‍රයෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට හෙළනු යැයි ඔබ පවසනු. එය ඔවුන් හඳුනා ගෙන ඔවුනට හිංසා පීඩා සිදු කරනු නොලබන්නට වඩාත් සමීපය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත විය.

තෆ්සීර්

අහෝ නබිවරය! පිටස්තර පිරිමින් ඉදිරියේ රහස්ය පෙදෙස් ඔවුන්ගෙන් නිරාවරණය නොවන පරිදි ඔවුන් පැළඳ සිටින මතුපිට වස්ත්රය ඔවුන් මත එල්ලෙන්නට ඉඩ හරිනු යැයි නුඹ නුඹේ බිරියන්ට පවසනු. නුඹේ දූවරුන්ටත් පවසනු. එසේම දේව විශ්වාසී කාන්තාවන්ටත් පවසනු. සැබැවින්ම ඔවුන් නිදහස් කාන්තාවන් යැයි හඳුනා ගැනීමට එය ඉතා උචිතය. එහෙයින් වහලියන්ට හිංසා කරන්නාක් මෙන් ඔවුන් කිසිවෙකුට හිංසා නොකළ යුතුයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් වෙත පාපක්ෂමාවෙහි නිරත වන්නාගේ පාපයන් සඳහා අතිශය සමාව දෙන්නාය. ඔහු කෙරෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න