සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:49
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා දෙවියන් විශ්වාස කරන කාන්තාවන් විවාහ කොට පසු ව නුඹලා ඔවුන් ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළහොත් නුඹලා ගණන් කරන පොරොත්තු කාලයක් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනිවාර්යය නොවන්නේය. එහෙයින් ඔවුනට ජීවන සම්පත් ලබා දෙනු. තවද අලංකාර මුදවාලීමකින් මුදවා හරිනු.
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා දේව විශ්වාසී කාන්තාවන් සමග විවාහ ගිවිස ගත් පසු ව ඔවුන් සමග ලිංගික ව එකතු වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළෙහු නම්, නුඹලා වෙනුවෙන් මාස ගණන් හෝ වේවා වාර ගණන් හෝ වේවා ඔවුන් පොරොත්තු කාලයක් අපේක්ෂාවෙන් සිටීම ඔවුනට අවශ්ය වන්නේ නැත. ඊට හේතුව ඔවුන් සමග නුඹලා ලිංගිකව එක් නොවූ හේතුවෙන් ඔවුන්ගේ ගර්භාෂයන් නිදොස් බව දන්නා හෙයිනි. තවද භුක්තිය සඳහා නුඹලාගේ හැකියාවට අනුව නුඹලාගේ ධනයෙන් වන්දියක් දෙනු. එය දික්කසාද කළ හේතුවෙන් ඔවුන් මත කඩා වැටුනු වරද පිරවීමක් පිණිසය. ඔවුනට කිසිදු හිංසාවක් සිදු නොකර ඔවුන්ගේ පවුල වෙත සේන්දු වන්නට ඔවුන්ගේ මාර්ගය අත් හරිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න