සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:48

وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ وَدَعْ أَذَاهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

තවද ඔබ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට සහ (වංචනික) කුහකයන්ට අවනත නොවනු. තවද ඔවුන්ගේ වදහිංසා නොසලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.

තෆ්සීර්

අල්ලාහ්ගේ දහමින් වළක්වාලීම සඳහා දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් ඇරයුම් කරන දෑහි ඔවුනට අවනත නොවනු. ඔවුන් ව පිටුදකිනු. සැබැවින්ම එය නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන ඔවුන් විශ්වාස කිරීම සඳහා වඩාත් උචිත ඇරයුම් කිරීමක් විය හැක. නුඹේ සියලු කටයුතුවලදී අල්ලාහ් මත නුඹ ස්ථාවර ව සිටිනු. නුඹේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය ලැබීම ද ඉන් එකකි. ගැත්තන් තමන්ගේ මෙලොව මෙන්ම මතුලොව සියලු කටයුතුවලදී අල්ලාහ් මත ස්ථාවර ව සිටිමින් භාරකරුවකු වශයෙන් ගැනීමට අල්ලාහ් ප්රමාණවත් වේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න