සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:33

وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැඳී සිටිනු. තවද මුල් කාල අඥාන යුගයේ ආයිත්තම් වීම මෙන් නුඹලා (අලංකාරය ඉස්මතු කරමින්) ආයිත්තම් නොවනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද සකාත් ද පිරිනමනු. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නියත වශයෙන්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව පිවිතුරු කිරීමෙන් පිවිතුරු කිරීමටය.

තෆ්සීර්

නුඹලාගේ නිවෙස් තුළම නුඹලා රැඳී සිටිනු. අවශ්යතාවකින් තොර ව ඉන් බැහැරට නොයනු. ඉස්ලාමයට පෙර අඥාන යුගයේ පිරිමින් ආකාර්ෂණය වන පරිදි කාන්තාවන් අලංකාරය ප්රදර්ශණය කළාක් මෙන් නුඹලාගේ අලංකාරය නුඹලා හෙළි නොකරනු. සලාතය පූර්ණ ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. දේව දූතයාණන්ගේ බිරින්දෑවරුණි! එතුමාගේ නිවැසියනි! අල්ලාහ් ප්රිය කරනුයේ සැබැවින්ම නුඹලාගෙන් නපුර හා කිලිටි ඉවත් කොට මහඟු සාරධර්ම තුළින් නුඹලාගේ සිත් පළඳවා ඒවා පිරිසිදු කොට නුඹලාගේ පහත් ක්රියාවන් ඒවායින් හිස් කොට ඉන් පසු කිසිදු පාපයක් නොවන තරමට ඒවා පිරිසිදු කිරීමටය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න