සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:32
يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා (සෙසු) කාන්තාවන්ගෙන් කෙනෙකු මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ට බැතිමත් වූයේ නම් නුඹලා සිනිඳු (හඬින්) කතා නොකරනු. එවිට කවරෙකුගේ හදවත තුළ රෝග ඇත්තේ ද ඔහු ආශා කරනු ඇත. තවද ඔබ යහපත් වදනින් කතා කරනු.
තෆ්සීර්
අහෝ නබි මුහම්මද්ගේ (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) බිරින්දෑවරුනි! ගෞරව මහිමයෙහි නුඹලා සෙසු කාන්තාවන් මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නෙහු නම්, එවිට නුඹලා නොවන වෙනත් කිසිවකු ලඟා කර නොගත් විශිෂ්ට නිලයක මහිමය හා ගෞරවය තුළ නුඹලා සිටින්නෙහුය. එහෙයින් නුඹලා පිටස්තර පිරිමින් සමග කතා කරන විට මෘදු හඬින් හෝ සිහින් හඬින් කතා නොකරනු. ඒ හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ කුහකත්වයේ රෝගය හා තහනම් කරන ලද ආශාවන් ඇති වනු ඇත. කුතුහලය දුරස් කරන කතාවෙන් කතා කරනු. එය විහිළුවකින් තොරව හා අවශ්යතාවේ තරමට විය යුතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න