සූරා 32 · ජුස් 21

As-Sajdah · 32:4

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නොවේ ද?

තෆ්සීර්

අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. ඊටත් වඩා ඇසි පිය ගසන ඉතා කුඩා කාලයක් තුළ ඒවා මවන්නට ඔහු බලය ඇත්තාය. පසු ව ඔහුගේ කීර්තියට ගැලපෙන පරිදි උසින් පිහිටා, අර්ෂ් මත රැඳුණේය. අහෝ ජනයිනි! ඔහු හැර නුඹලාගේ කරුණු භාරගන්නා භාරකරුවකු හෝ නුඹලාගේ පරමාධිපති වන ඔහු අබියස නුඹලා වෙනුවෙන් මැදිහත් වන වෙනත් මැදිහත්කරුවකු හෝ නුඹලාට නැත. නුඹලා ඒ ගැන වටහා ගෙන නුඹලා ව මැවූ අල්ලාහ්ට නැමදුම් කොට ඔහු හැර වෙනත් දෑ හවුල් කොට ඔහු සමග වන්දනා නොකර සිටිය යුතු නොවේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න