සූරා 32 · ජුස් 21

As-Sajdah · 32:3

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ

එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිස ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිස ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි.

තෆ්සීර්

සැබැවින්ම මෙම දේව ප්රතික්ෂේපකයෝ, "සැබැවින්ම මුහම්මද් ඔහුගේ පරමාධිපති ගැන ගොතා පවසා ඇත." යැයි පවසති. ඔවුන් පවසනවාක් මෙන් උක්ත කරුණ පිහිටා නැත. එය කිසිදු සැකයක් නැති සත්යයකි. අහෝ දූතය! නුඹට පෙර අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වද්දන දූතයකු නොපැමිණි සමාජයකට නුඹ මෙමගින් බිය වද්දා ඔවුන් සත්යය වෙත මග ලබා ඔවුන් එය අනුගමනය කොට ඒ අනුව කටයුතු කරනු පිණිස නුඹේ පරමාධිපති විසින් පහළ වූවකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න