සූරා 32 · ජුස් 21

As-Sajdah · 32:20

وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ ۖ كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ

පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.

තෆ්සීර්

දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අය කලී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට සූදානම් කරනු ලැබූ ඔවුන්ගේ නවාතැන වනුයේ නිරා ගින්නය. ඔවුහු එහි සදා රැඳෙන්නෝ වෙති. එයින් ඔවුන් බැහැර වන්නට අපේක්ෂා කරන සෑම කල්හිම ඒ වෙත ඔවුන් නැවත යොමු කරනු ලැබේ. එමෙන්ම ඔවුන්ව හෙළා දකිමින් "නුඹලාගේ දූතවරුන් නුඹලාට බිය ගන්වන අවස්ථාවේ නුඹලා මෙලොවෙහි බොරු කරමින් සිටි නිරයේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසනු ලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න