සූරා 31 · ජුස් 21

Luqman · 31:32

وَإِذَا غَشِيَهُمْ مَوْجٌ كَالظُّلَلِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَمِنْهُمْ مُقْتَصِدٌ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ

කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝය. නමුත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතුරින් මධ්‍යස්ථ ව කටයුතු කරන්නන් ද විය. එමෙන්ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නොදකිනු ඇත.

තෆ්සීර්

වළාකුළු හා කඳු මෙන් වූ විශාල රළ සෑම පැත්තකින්ම ඔවුන් වට කළ විට අල්ලාහ්ට පමණක් අවංක ව ප්රාර්ථනා කරමින් හා නැමදුම් කරමින් කණ්ණලව් කළෝය. අල්ලාහ් ඔවුනට පිළිතුරු දී ගිලී යෑමෙන් ඔවුන් ආරක්ෂා කොට ගොඩ බිම වෙත ඔවුන් මුදවා ගෙන ආ කල්හි, ඔහුට පූර්ණ ලෙස කෘතඥතාව පුද කරන්නට අනිවාර්යය වූ දෑ ක්රියාත්මක නොකර පරිස්සම්සහගතව කටයුතු කරන්නන් ඔවුන් අතර වෙති. එමෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දකින්නන් ද වෙති. ද්රෝහී සෑම කෙනෙකුම මිස අපගේ වදන් හෙළා දකින්නේ නැත. (ඔහු අල්ලාහ් සමග ගිවිසුමක් ඇති කර ගත් පසු ඔහුට කෘතඥ විය යුතු අයෙකි.) නමුත් අල්ලාහ්ගේ ආශිර්වාද ඔහු ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුට කවර ආශිර්වාදයක් පිරිනමා ඇත්තේද ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න