සූරා 31 · ජුස් 21
Luqman · 31:31
أَلَمْ تَرَ أَنَّ الْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِنِعْمَتِ اللَّهِ لِيُرِيَكُمْ مِنْ آيَاتِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
ඔහුගේ සංඥා අතුරින් නුඹලාට ඔහු පෙන්වීම පිණිස නියත වශයෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නොදුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුටම එහි සාධක ඇත.
තෆ්සීර්
සුවිශුද්ධයාණන්ගේ බලය හා ඔහුගේ කරුණාව පෙන්වා දෙන සංඥා නුඹලාට ඉදිරිපත් කරනු පිණිස අහෝ ජනයිනි! ඔහුගේ කරුණාව හා ඔහු වසඟ කර දී ඇති, සාගරයේ යාත්රා කරන නැව් නුඹ නොදුටුවෙහි ද? හිංසා පීඩාවන් මත ඉවසීමෙන් කටයුතු කරන, ආශිර්වාද සඳහා කෘතවේදී වන සෑම කෙනෙකුටම ඔහුගේ බලය පිළිබඳ සාධක මෙහි ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න