සූරා 31 · ජුස් 21

Luqman · 31:25

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

තවද අහස් හා මහපොළොව මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

තෆ්සීර්

"අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් ද? මහ පොළොව මැව්වේ කවුරුන් ද?" යැයි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසන්නේ නම් ඔවුහු, "ඒවා මැව්වේ අල්ලාහ්" යැයි පවසති. නුඹ ඔවුනට, "නුඹලාට මෙම සාධක විද්යාමාන කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා!" යැයි පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගේ අඥානකම හේතුවෙන් ප්රශංසාවට සුදුස්සා ගැන හඳුනා නොගනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න