සූරා 31 · ජුස් 21

Luqman · 31:23

وَمَنْ كَفَرَ فَلَا يَحْزُنْكَ كُفْرُهُ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නොකළ යුතුය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

තෆ්සීර්

කවරෙකු අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ ද අහෝ දූතය! ඔහුගේ ප්රතික්ෂේපය නුඹ ව දුකට පත් නොකළ යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී එනුයේ අප වෙතමය. එවිට ඔවුන් මෙලොව සිදු කරමින් සිටි නපුරුකම් අපි ඔවුනට දන්වමු. ඒ සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. එහි ඇති කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න