සූරා 31 · ජුස් 21
Luqman · 31:22
۞ وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ ۗ وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ
තවද කවරෙකු දැහැමියකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු බලවත් බැඳියාවක් තදින් ග්රහණය කර ගත්තේය. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් වෙතය.
තෆ්සීර්
කවරෙකු නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට අවංක ලෙසත්, තම ක්රියාවෙහි දැහැමියෙකු ලෙසත් ඔහු ඉදිරියට පැමිණෙන්නේ ද, ඔහු ග්රහණය කළ දෑ කප්පාදු වීම ගැන බියකින් තොරව ජයග්රහණය අපේක්ෂා කරන්නන් බන්ධනය කළ ශක්තිමත් බන්ධනයක් ඔහු හසු කර ගත්තේය. සියලු කරුණු යොමු වනුයේ ඔහු වෙත පමණය. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න