සූරා 31 · ජුස් 21
Luqman · 31:18
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ
ඔබේ කම්මුල ජනයාට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන් උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය නොකරයි.
තෆ්සීර්
අහංකාරකමින් නුඹේ මුහුණු මිනිසුන්ගෙන් නොහරවනු. නුඹ ගැන නුඹ ම උදම් අනමින් සතුටින් මහපොළොව මත ගමන් නොකරනු. සැබැවින්ම තම ගමනෙහි උඩඟුකම් පාන, තමන්ට පිරිනැමූ ආශිර්වාදයන් ගැන අහංකාර වී ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවී ආඩම්භරයෙන් ගමන් කරන සෑම කෙනෙකුවම සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න