සූරා 31 · ජුස් 21

Luqman · 31:17

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلَىٰ مَا أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ

මාගේ පුතණුවනි, ඔබ සලාතය විධිමත් ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට ඇති වූ දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම එය කරුණු වල අධිෂ්ඨාන පූර්වක කරුණකි.

තෆ්සීර්

"මාගේ ආදරණීය පුතණුවනි! සලාතය පූර්ණ ලෙස විධිමත් ව ඉටු කරනු. යහපත නියෝග කරනු. අයහපතින් වළක්වනු. එහිදී නුඹට අත්වන පිළිකුල් සහගත දෑ ඉවසා දරා ගනු. සැබැවින්ම මේවා අතරින් නුඹට අණ කරනු ලැබූ දෑ වනාහි ඒවා නුඹ ඉටු කිරීම සඳහා අල්ලාහ් නුඹ මත ස්ථීර කළ දෑ වෙයි. එහි නුඹට තෝරා ගැනීමේ නිදහසක් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න