සූරා 31 · ජුස් 21
O my son, do not associate with Allah · Luqman 31:13
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි, ඔබ අල්ලාහ්ට ආදේශ නොකරනු. නියත වශයෙන්ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි.
තෆ්සීර්
අහෝ දූතය! ලුක්මාන් තුමා තම පුතණුවන්ට යහපත කිරීමට දිරිගන්වමින් හා අයහපත් දෑ පිළිබඳ අවවාද කරමින් උපදෙස් දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, "මාගේ ආදරණීය පුතණුවනි! අල්ලාහ් සමග වෙනත් අයකු නොනමදිනු. අල්ලාහ් සමග වෙනත් දෑ නමදිනු ලැබීම, නිරා ගින්නට සදාතනිකයකු බවට පත් කරවන මහා පාපයන්ගෙන් තමන්ට කර ගන්නා මහා අපරාධයකි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න