සූරා 31 · ජුස් 21
Luqman · 31:12
وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ ۚ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ
තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින්ම අපි ලුක්මාන්ට ප්රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුටමය. තවද කවරෙකු ප්රතික්ෂේප කළේද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය ප්රශංසාලාභීය.
තෆ්සීර්
දහම පිළිබඳ අවබෝධය හා කරුණු පිළිබඳ වැටහීම සැබැවින්ම අපි ලුක්මාන්ට පිරිනැමුවෙමු. ඔහුට අපි මෙසේ ප්රකාශ කළෙමු. "අහෝ ලුක්මාන් කවර ආශිර්වාදයක් ඔහු නුඹට පිරිනමා ඇත්තේ ද එයට අවනත වනු පිණිස නුඹ නුඹේ පරමාධිපතිට කෘතඥ වනු. කවරෙකු තම පරමාධිපතිට කෘතඥ වන්නේ ද සැබැවින්ම එම කෘතඥතාවයේ ප්රතිඵල ඔහු වෙත නැවත හැරී එනු ඇත. ඔහුට කෘතඥතාව පුද කරනු ලැබීමේ කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැක එමගින් සුවිශුද්ධයාණන්ව ප්රතික්ෂේප කළේ ද ඔහු කළ ප්රතික්ෂේපයේ විපාකය ඔහුට එරෙහිවම පිහිටනු ඇත. එමගින් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. සෑම තත්ත්වයකම ඔහු ප්රශංසාලාභීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න