සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:33
وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُمْ مُنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُمْ مِنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِنْهُمْ بِرَبِّهِمْ يُشْرِكُونَ
ජනයාට යම් හිංසනයක් ස්පර්ශ වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසු ව එයින් ආශිර්වාදය රස විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතුරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.
තෆ්සීර්
දේව ආදේශකයින්හට දැඩි රෝගයක් හෝ දිළිඳුභාවයක් හෝ සාගින්නක් හෝ ඇති වූ විට තමන්ට අත් වූ ඉරණම පහ කරන මෙන් ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වී බැගෑපත්ව ඇරයුම් කරති. ඔවුනට අත් වූ ඉරණම පහ කොට ඔවුනට අල්ලාහ් කරුණාව දැක් වූ විට ඔවුන් අතරින් පිරිසක් ඇරයුම් කිරීමෙහි අල්ලාහ් හැර දමා ඔහු සමග හවුල්කළවුන් වෙත යොමු වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න