සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:32
مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතුරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝය.
තෆ්සීර්
ඔවුන්ගේ දහම විකෘති කොට; ඉන් කොටසක් විශ්වාස කොට; තවත් කොටසක් ප්රතික්ෂේප කළ දේව ආදේශකයින් අතරට නුඹලා පත් නොවනු. ඔවුන් විවිධ කණ්ඩායම් හා කොටස් බවට වෙන් වූහ. ඒ සෑම කණ්ඩායමක්ම ඔවුන් කවර ව්යාජ කරුණක සිටින්නේ ද ඒ ගැන සතුටු වෙමින් සිටියෝය. සත්යය මත පදනම්ව සිටින්නේ ඔවුන් පමණක් බවත් තමන් හැර සෙසු සියළු අය ව්යාජ දෑ මත සිටින බවත් ඔවුහු සිතා ගත්හ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න