සූරා 30 · ජුස් 21
Ar-Rum · 30:30
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට කිසිදු පෙරළීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.
තෆ්සීර්
නුඹ සියලු දහම්වලින් හැරී අල්ලාහ් කවර දහමක් වෙත හැරෙන්නැයි නුඹට නියම කර ඇත්තේ ද එම දහම වෙත නුඹ හා නුඹ සමග වූවන් මුහුණලනු. එය මිනිසාගේ සහජත්වය නිරූපණය කරන ඉස්ලාම් දහමය. අල්ලාහ්ගේ මැවීමට කිසිදු විකෘති කිරීමක් නැත. එය ඇද නැති ඍජු දහමය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා සැබැවින්ම සත්යය දහම මෙම දහම බව නොහදුනති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න