සූරා 30 · ජුස් 21

Ar-Rum · 30:29

بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُمْ بِغَيْرِ عِلْمٍ ۖ فَمَنْ يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ

නමුත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවුද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.

තෆ්සීර්

ඔවුන්ගේ මුළාවට හේතුව සාක්ෂි හා සාධකවල හිඟකම හෝ ඒවා පැහැදිලි නොකර තිබීම නොවේ. සැබැවින්ම එය ඔවුන් ආශාවන්ට වහල් වීම හා ඔවුන් මත වූ අල්ලාහ්ගේ වගකීම් පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඔවුන් අනුගමනය කිරීමය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග ලබනු පිණිස ආශිර්වාද කරනුයේ කවු ද? අල්ලාහ්ගේ දඬුවම ඔවුන්ගෙන් වළක්වන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න