සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:68
إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا ۗ وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ
ඉබ්රාහීම් සම්බන්ධයෙන් වඩා ශ්රේෂ්ඨ අය වනුයේ ඔහු ව ද මෙම නබිවරයා ව ද අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තව ද අල්ලාහ් විශ්වාස වන්තයින්ගේ භාරකරු ය.
තෆ්සීර්
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග සම්බන්ධකම් පවසන්නට වඩාත් සුදුස්සන් වනුයේ එතුමාගේ කාලයේ එතුමා ගෙන ආ දෑ පිළිපැද්දා වූ ජනයා වෙති. එසේම මෙම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා හා මෙම සමූහයා අතර එතුමාණන් විශ්වාස කළ ජනයා ද වෙති. තමන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් උදව් කරන්නාය. ඔහු ඔවුන් ආරක්ෂාකරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න