සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:50

وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

තව ද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු වශයෙන් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද තව ද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තව ද නුඹලා මට අවනත වනු.

තෆ්සීර්

එමෙන්ම මට පෙර පහළ වූ තව්රාතයේ (තෝරාවේ) ඇති කරුණු තහවුරු කරනු පිණිස මම පැමිණියෙමි. තවද නුඹලාට පහසුවක් හා සහනයක් වනු පිණිස මීට පෙර නුඹලාට තහනම් කරනු ලැබූ දැයින් සමහරක් අනුමත කිරීමට මම පැමිණියෙමි. මා නුඹලාට පවසා සිටි දෑහි සත්යතාව පිළිබඳ පැහැදිලි කරන සාධකයක් සමග පැමිණ ඇත්තෙමි. එහෙයින් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බැතියෙන් කටයුතු කරනු. මා නුඹලා ව කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේද ඒ සම්බන්ධයෙන් මට අවනත වනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න