සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:49
وَرَسُولًا إِلَىٰ بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ ۖ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ ۖ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَىٰ بِإِذْنِ اللَّهِ ۖ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින් නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවමි. පසුව මම එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තව ද මම සුදු හා කළු සමේ රෝග සුව කරමි. අල්ලාහ්ගේ අනුමැති යෙන් මියගියවුනට ජීවය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කරන (තිබෙන) දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාසවන්තයින් නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.
තෆ්සීර්
එමෙන්ම අල්ලාහ් ඔහු ව ඉස්රඊල් දරුවන් අතර දහම් දූතයකු බවට පත් කරනු ඇත. ඔහු ඔවුනට: “නියත වශයෙන්ම මම නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. මාගේ මෙම දූත කාර්යය සනාථ කරන සලකුණක් නුඹලා වෙත ගෙන ආවෙමි. එනම්: නුඹලා සඳහා කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් භාණ්ඩයක් මැටියෙන් අඹා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් ජීවමාන පක්ෂියෙකු බවට පත් වනු ඇත. උපතින්ම අන්ධවූවන්හට සුවය ලබා දෙමි. එවිට ඔවුන් පෙනුම ලබනු ඇත. ළාඳුරු වැනි කුෂ්ට රෝග වැලඳ ඇත්තන්ගේ චර්මය යථා තත්ත්වයට සුවපත් කරමි. මිය ගිය අයට ප්රාණය ලබා දෙමි. මේ සියල්ල මා සිදු කරනුයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් පමණි. නුඹලා අනුභව කළ යුත්තේ කුමක් ද? නුඹලාගේ නිවෙස්වල ගබඩා කොට සඟවා තැබිය යුතු ආහාරය කුමක්ද? යනාදී තොරතුරු පිළිබඳ මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාසය ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද සාධක තුළින් සත්යය තහවුරු කරගන්නට අපේක්ෂා කරන්නේ නම් මිනිසා විසින් සිදු කළ නොහැකි මෙවැනි අතිමහත් කරුණු මම නුඹලාට පවසා සිටීමෙන් සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු බවට වූ ප්රමාණවත් සලකුණු නුඹලාට ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න