සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:4

مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ ۗ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ

තවද මීට පෙර ජනයාට මඟ පෙන්වීමක් ලෙස තව්රාතය හා ඉන්ජීලය ද ඔහු පහළ කළේය. තවද නිර්ණායකය (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සම ප්‍රතිචාර දක්වන්නාය.

තෆ්සීර්

අහෝ! නබිවරය, පෙර පහළ වූ සෙසු දේව ග්රන්ථ වලට අනුකූල ව සාධාරණ නීතිරීති සහ සැබෑ තොරතුරු සමග නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. එහෙයින් ඒ ගැන නුඹලා එකිනෙකා විරුද්ධ නොවනු. නුඹ වෙත අල්කුර්ආනය පහළ කිරීමට පෙර මූසා (අලය්හිස් සලාම්) තුමාට තව්රාතයත් -තෝරාව- ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඉන්ජීලයත් -බයිබලය- පහළ කළෙමු. මේ දේව පුස්තක සියල්ල මිනිසුනට ඔවුන්ගේ දහම හා ඔවුන්ගේ මෙලොව කටයුතු විධිමත් කර ගන්නට පෙන්වා දෙන මග පෙන්වීම් හා මාර්ගෝපදේශයන්ය. ඉන්පසු සත්යය අසත්යයෙන් හා යහමග නොමගින් වෙන්කර හඳුන්වා දෙන නිර්ණායකය නොහොත් අල් කුර්ආනය පහළ කරනු ලැබීය. නුඹ වෙත පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන් කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔවුනට දැඩි වේදනා සහගත දඬුවම ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යන්නේ නැත. ඔහුගේ දූතවරුන් බොරු කොට ඔහුගේ නියෝගයට විරුද්ධ වන්නන්හට ඔහු ප්රතිචාර දක්වන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න