සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:183
الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ عَهِدَ إِلَيْنَا أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ ۗ قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِنْ قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
ඔවුහු කවරහු ද යත් ගින්න ගිල දමන කුර්බානයක්(කැපයක්) අප වෙත රැගෙන එන තෙක් කිසිදු ධර්ම දූතයෙකු ව අප විශ්වාස නොකළ යුතු යැයි අල්ලාහ් අප සමග ගිවිසගෙන ඇතැයි පැවසුවෝය. පැහැදිලි සාධක සමඟ ද (මේ) නුඹලා පවසා සිටි දෑ සමඟ ද මට පෙර ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්යවාදීන් නම් ඔවුන් ව නුඹලා ඝාතනය කළේ මන්දැ යි අසනු.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පුස්තකයේ මෙන්ම ඔහුගේ නබිවරුන්ගේ කටින් ඔහු පවසන දෑ තහවුරු කරන යමක් අප වෙත පැමිණෙන තෙක් කිසිදු දූතයකු අප විශ්වාස නොකළ යුතු යැයි ද එය අල්ලාහ් වෙත සමීප කරවන අහසින් පහළ වන ගින්නක් තුළින් පිළිගනු ලබන දානයක් වැනි දෙයක් විය යුතු යැයි ද අපට උපදෙස් දී ඇතැයි ව්යාජ ලෙස පවසා සිටියෝය. ඔවුහු එය අල්ලාහ් දුන් උපදෙසක් යැයි ඔහු සමග සම්බන්ධ කරමින් ඔහු කෙරෙහි බොරු පවසති. ඔවුන් සඳහන් කළ අයුරින් රසූල්වරුන් තහවුරු කරන සාධක මීට පෙර පැමිණ තිබිණ. එබැවින් අල්ලාහ්, තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට මෙසේ පවසන මෙන් අණ කර සිටියේය: ‘මට පෙර ද තම සත්යය භාවය තහවුරු කරන පහැදිලි සාධක සමගත් නුඹලා පවසන පරිදි අහසින් ගින්නක් පහළ වී එය දවාලමින් දෙවිඳුන්ගේ පිළිගැනීමට ලක්වන ආකාරයේ සාධක සමගත් දූතවරුන් නුඹලා වෙත පැමිණියහ. නමුත් නුඹලා පවසන දෑහි නුඹලා සත්යවාදීහු නම් නුඹලා ඔවුන් බොරු කරමින් ඝාතනය කළේ මන්ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න