සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:170

فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සෙන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත තවද තමන් දුකට පත්වන්නන් ද නොවෙතැ යි සිතමින් ඔවුහු ප්‍රීතිමත් වෙති.

තෆ්සීර්

සැප පහසුකම් වලින් ඔවුන් ගිලී සිටිති. අල්ලාහ් ඔවුන් වෙත පිරිනමා ඇති ඔහුගේ භාග්යය පිළිබඳ සතුටින් ඉපිල ගොස් සිටිති. මෙලොව ජීවත් වන තම සහෝදරයන් තමන් සමග සේන්දු වනු ඇතැයි ද සැබැවින්ම ඔවුන් දෙවියන් වෙනුවෙන් දිවි පුදා මරණයට පත් වූයේ නම් තමන්ට හිමි වූ භාග්යය ඔවුන්ටත් හිමි වනු ඇතැයි ද ඔවුන් බලාපොරොත්තුවෙන් හා ආශාවෙන් පසුවෙති. මතු ලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට සිදු වන කරුණු වලදී ඔවුනට කිසිදු බියක් ඇතිවන්නේ නැත. මෙලොවෙහි අහිමි වූ දෑ ගැන ඔවුන් දුකට පත්වන්නේද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න