සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:149
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَىٰ أَعْقَابِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලා ව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස නැවත හැරෙන්නෙහුය.
තෆ්සීර්
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, නුඹලා නොමග යැවීමට යුදෙව් කිතුනු හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන් කවර කරුණක් නුඹලාට අණ කර සිටින්නේද එවන් කරුණු වලදී නුඹලා ඔවුනට අවනත වන්නෙහු නම් නුඹලා විශ්වාස කළ පසු නැවතත් නුඹලා ප්රතික්ෂේපකයින් බවට ඔවුන් හරවනු ඇත. එවිට නුඹලා මෙලොව පමණක් නොව මතු ලොවෙහි ද පරාජිතයින් වන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න