සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:142
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ
(විශ්වාසවන්තයිනි!) නුඹලා අතුරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නොදැන එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳ ව ද ඔහු නොදැන නුඹලා ස්වර්ග උයන් වලට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, පරීක්ෂණයකින් තොරව හෝ අල්ලාහ්ගේ මාර්ගයේ කැපවුවන් තුළ හෙළි වූ සැබෑ ඉවසීම හා ඔවුන්ට අත් වූ කරදර මත ඔවුන් දරා සිටියාක් මෙන් අත්දැකීම් ඔබත් අත් නොවිඳ නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි දැයි නුඹලා සිතන්නෙහුද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න