සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:140

إِنْ يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ ۚ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

(උහද් සටනෙහි) නුඹලාට යම් තුවාලයක් ඇති වන්නේ නම් (ඒ ගැන අධෛර්යට පත් නොවනු. හේතුව) එවැනි ම තුවාලයක් එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද මෙම දිනයන් ජනයා අතර ඒවා අපි මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන් ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතුරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන් ව ප්‍රිය නොකරයි.

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, උහද් දිනයේ යම් තුවාලයක් හෝ ඝාතනයක් හෝ නුඹලාට විදින්නට සිදු වූයේ නම්, දැනගනු, නුඹලා වින්දා වූ දෑට සමාන තුවාල හා ඝාතන දෙවියන් ප්රතික්ෂේප කළවුන් ද විඳ ඇත. ජනයා අතර සිටින දේව විශ්වාසි කරන්නන් හා දේව ප්රතික්ෂේපකයින් යන දෙපාර්ශවයෙන් තමන් අභිමත කරන අයට අල්ලාහ් එම දිනයන්හි ජයග්රහණය හා පරාජය මාරුවෙන් මාරුවට පිරිනමන්නේය. එහි පැහැදිලි යථාර්ථයක් විය. සැබෑ විශ්වාස කරන්නන් කුහකයින්ගෙන් වෙන්කර ප්රසිද්ධියට පත් කිරීම අල්ලාහ්ගේ අභිමතය පරිදි තම මාර්ගයේ දිවිපිදූ අයට ගෞරව කිරීම යනාදිය ඒවායින් කිහිපයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ඇපකැප නොවී තමන්ටම අපරාධ සිදුකරගත් අයට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න