සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:139

وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

තවද නුඹලා දුර්වල නොවනු. තවද නුඹලා දුකට පත් නොවනු. නුඹලා විශ්වාසවන්තයෝ නම් ශ්‍රේෂ්ඨයෝ ද නුඹලා ම ය.

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කළවුනි, නුඹලා අධෛර්යමත් නොවනු. උහද් දිනයේ නුඹලාට අත් වූ තත්ත්වය ගැන දුක් නොවනු. එසේ දුක්වීම නුඹලාට අවශ්ය නැත. නුඹලා අල්ලාහ් හා ඔහුගේ භක්තික ගැත්තන්හට දී ඇති ප්රතිඥා පිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැනගනු, නුඹලා දෙවියන් මත තබා ඇති විශ්වාසයෙන් උසස් අය වන්නෙහුය. එමෙන්ම අල්ලාහ්ගේ උදව් ලැබීම හා ඔහුගේ උදව් නුඹලා අපේක්ෂා කිරීම යනාදියෙන් ද නුඹලා උසස් අය වන්නෙහුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න