සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:108

تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۗ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعَالَمِينَ

මේවා අල්ලාහ්ගේ වැකි ය. ඒවා අපි නුඹ වෙත සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියනට අපරාධයක් අපේක්ෂා කරන්නෙක් නොවේ.

තෆ්සීර්

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ ප්රතිඥා හා අවවාද ඇතුළත් සත්යය තොරතුරු හා සාධාරණ නීතිරීති සහිත අල් කුර්ආන් වැකි නුඹට අපි කියවා පෙන්වමු. ලෝවැසියන් කිසිවෙකුට ඔහු උපයා ගත් දෑ හේතුවෙන් මිස ඔහුට අසාධාරණයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරන්නේ නැත. එමෙන්ම කිසිවෙකු දඬුවමට ලක් කරන්නේ ද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න