සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:8

وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ حُسْنًا ۖ وَإِنْ جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۚ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

තවද තම දෙමව්පියන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔබට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබ මට ආදේශ කරන මෙන් ඔවුන් දෙදෙනා ඔබ වෙත (බල කරන්නට) උත්සාහ දැරුවේ නම්, එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. නුඹලාගේ නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය. එහෙයින් නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නෙමු.

තෆ්සීර්

තම දෙමව්පියන්ට ඇප උපස්ථාන කරන මෙන්ද ඔවුන් වෙත යහපත සලසන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. අහෝ මිනිස! (සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමාගේ මව එතුමාට සිදු කළාක් මෙන්) ආදේශයක් බව නුඹ නොදන්නා යමක් මට ආදේශ තබන මෙන් නුඹේ දෙමාපියන් නුඹට බලකරන්නට උත්සාහ කළේ නම්, එවිට නුඹ එහි දී ඔවුන් දෙදෙනාට අවනත නොවනු. ඊට හේතුව මැවුම්කරුට පිටිපාමින් කිසිදු මැවීමකට අවනත වීමක් නොමැති බැවිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී එනුයේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන තොරතුරු මම නුඹලාට දන්වමි. තවද ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න