සූරා 29 · ජුස් 21
Al-'Ankabut · 29:58
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُمْ مِنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ الْعَامِلِينَ
තවද විශ්වාස කොට යහකම් සිදු කළ අය වනාහි, අපි ඔවුන් ස්වර්ග උයනෙහි යටින් ගංගාවන් ගලා බස්නා කුටි වල පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාතනිකයින්ය. යහකම් සිදු කරන්නන්ගේ කුලිය යහපත් විය.
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුට සමීප වන දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයනේ උසස් ස්ථානවල අපි පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට එහි කිසිදු විනාශයක් අත් වන්නේ නැත. මෙම ප්රතිඵලය අල්ලාහ්ට අවනත වෙමින් කටයුතු කළවුන් සඳහා වන යහපත් ප්රතිඵලයක් වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න