සූරා 29 · ජුස් 21

Al-'Ankabut · 29:50

وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَاتٌ مِنْ رَبِّهِ ۖ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ

තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?යි ඔවුහු විමසූහ. (අහෝ! මුහම්මද්) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි ඔබ පවසනු.

තෆ්සීර්

"මුහම්මද් වෙත ඔහුට පෙර සිටි දූතවරුන් හට පහළ කළාක් මෙන් සංඥාවන් පහළ කළ යුතු නොවේද?" යැයි දේව ආදේශකයෝ විමසා සිටියෝය. අහෝ දූතය! එසේ යෝජනා කරන ඔවුනට නුඹ මෙසේ පවසනු. “සැබැවින්ම සංඥාවන් ඇත්තේ අල්ලාහ් සතුවය. ඔහු අභිමත කරන වේලාවට එය පහළ කරයි. එය පහළ කිරීමේ බලය මා වෙත නැත. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලිව අවවාද කරන අවවාද කරන්නෙකු පමණි."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න