සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:44
خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ
අල්ලාහ් අහස් සහ මහපොළොව සත්යයෙන් යුතුව මැව්වේය. නියත වශයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් හට එහි සංඥාවක් ඇත.
තෆ්සීර්
උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවීය. මහපොළොවද මැවීය. ඔහු ඒවා නිශ්ඵල ලෙස මවා නැත. නිකරුණේ මවා නැත. සැබැවින්ම එම මැවීම්හි දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ්ගේ ශක්තිය පැහැදිලි කරන සාධක ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් තුළින් ඔහු සුවිශුද්ධ මැවුම්කරු බවට සාධක කර ගන්නෝ ඔවුහුමය. තවද දේව ප්රතික්ෂේපකයින් වනාහි මැවුම්කරුගේ බලය හා ඔහුගේ ශක්තිය දෙස බලා අවදි නොවී ඔවුන් ක්ෂිතිජය තුළ හා ආත්මාවන් තුළ ඇති සංඥාවන් හරහා ගමන් කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න