සූරා 28 · ජුස් 20

Al-Qasas · 28:8

فَالْتَقَطَهُ آلُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا كَانُوا خَاطِئِينَ

(මූසාගේ මව ඔහුව ගඟට දැමුවාය. ඉන්පසු) ෆිර්අවුන්ගේ නිවැසියන් ඔහු අහුලා ගත්තේය. එය ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිසය. නියත වශයෙන්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නෝ වූහ.

තෆ්සීර්

ඔහු ව පෙට්ටිය බහාලා ගඟට දමන මෙන් ඇයට කළ දේව නියෝගය ඇය පිළිපැද්දාය. ෆිර්අවුන්ගේ පවුල එය දැක ඔහුව අර ගත්තෝය. සැබවින්ම එය, මූසා ෆිර්අවුන්ගේ සතුරකු බවට පත් වී ඔහුගේ දෑතින් ෆිර්අවුන්ගේ රාජ්යය පහ කිරීමටත්, ඔවුන්ගේ දුක ඉවත් කිරීමටත්, අල්ලාහ් අභිමත කළ දෑ තහවුරු කරනු වස්ය. සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සහායකයින්ද ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මහ පොළොවේ ඔවුන් සිදු කළ ප්රචණ්ඩත්වය හා කලහකම් හේතුවෙන් පාපිෂ්ඨයින් බවට පත් වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න