සූරා 28 · ජුස් 20
Al-Qasas · 28:7
وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ
ඔහුට කිරි දෙන මෙන් ද ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමන් මෙන් ද තවද ඔබ බිය නොවනු තවද ඔබ දුක් නොවනු යැයි ද නියත වශයෙන්ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු එමෙන්ම අපි ඔහු ධර්ම දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු යැයි ද අපි මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු.
තෆ්සීර්
"ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව මරා දමනු ඇතැයි බිය වී, ඔහු ව පෙට්ටියක බහාලා නයිල් නදියේ හෙළනු තුරු ඔහුට කිරි දෙනු. එය දියේ ගිලීම ගැන හෝ ෆිර්වුන් ගැන හෝ බිය නොවනු. ඔහුගේ වෙන්වීම හේතුවෙන් නුඹ දුක් නොවනු. සැබවින්ම අපි නුඹ වෙත ජීවමාන ලෙස ඔහු ව නැවත ලබා දෙන්නෙමු. අල්ලාහ්ගේ මැවීම් වෙත එවන ලද ඔහුගේ දූතවරුන් අතරින් කෙනෙකු බවට අපි ඔහු පත් කරන්නෙමු." යැයි මූසාගේ මවට අපි දේව ප්රඥාව පහළ කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න