සූරා 28 · ජුස් 20
Al-Qasas · 28:5
وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන් හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අදහස් කළෙමු.
තෆ්සීර්
ෆිර්අවුන් විසින් මිසර දේශයේ දුර්වලතාවට පත් කරනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට, ඔවුන්ගේ සතුරන් විනාශ කොට ඔවුන්ගෙන් අසරණකම් ඉවත් කොට, සත්යය තුළ ඔවුන් අනුගමනය කරන නායකයින් බවට ඔවුන්ව පත් කොට, ෆිර්අවුන්ගේ විනාශයෙන් පසු ව භාග්යලත් සිරියා දේශය උරුමකම් පාන්නට සලස්වා, අපි ඔවුනට ශ්රේෂ්ඨත්වය පිරිනමන්නට අපේක්ෂා කළෙමු. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “දුර්වලතාවට පත් කරනු ලැබූ ජනයාට අපි සමෘද්ධිමත් කළ මහ පොළොවේ නැගෙනහිරවල් හා එහි බටහිරවල් අපි උරුම කර දුන්නෙමු.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න