සූරා 28 · ජුස් 20

Al-Qasas · 28:4

إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِنْهُمْ يُذَبِّحُ أَبْنَاءَهُمْ وَيَسْتَحْيِي نِسَاءَهُمْ ۚ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ

නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම් වලට බෙදා ඔවුන් අතුරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවීය. නියත වශයෙන්ම ඔහු කලහකාරීන් අතුරින් කෙනෙකු විය.

තෆ්සීර්

සැබවින්ම ෆිර්අවුන් මිසර දේශයේ සීමාව ඉක්මවා අපරාධ සිදු කළේය. එහි ඔහු ආධිපත්යය දැරුවේය. එහි වැසියන් අතර විවිධ කණ්ඩායම් බවට පත් කළේය. ඔවුන් අතරින් පිරිසක් දුර්වලයින් බවට පත් කළේය. ඔවුන් ඉස්රාඊල් දරුවන් වෙති. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගනිමින් ඔවුන් අතිශයින් අපහාසයට ලක් කළේය. සැබවින්ම ඔහු අපරාධ හා ඉක්මවා කටයුතු කරමින් මහ පොළොවේ ප්රචණ්ඩකාරීන් අතරින් කෙනෙකු විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න