සූරා 28 · ජුස් 20
Al-Qasas · 28:46
وَمَا كُنْتَ بِجَانِبِ الطُّورِ إِذْ نَادَيْنَا وَلَٰكِنْ رَحْمَةً مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නොවූයෙහිය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි.
තෆ්සීර්
ඒ ගැන තොරතුරු නුඹ දැන ගන්නා තෙක්, අප මූසා අමතන විට තූන් කන්ද අසල නුඹ නොසිටියෙහිය. දන්වා සිටිය යුතු දෑ අපි ඔහුට දන්වා සිටියෙමු. නමුත් අපි නුඹ ව මිනිසුන්හට නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් ලෙස එවා ඇත්තෙමු. ඒ පිළිබඳ තොරතුරු ද නුඹ වෙත දන්වා ඇත්තෙමු. එය නුඹට පෙර සිටි දූතයකු ඔවුන් වෙත නොපැමිණි පිරිසකට නුඹ අවවාද කරනු පිණිසත් ඔවුනට අවවාද කරනු පිණිසත්ය. එවිට ඔවුහු පාඩම් ලබා සුවිශුද්ධ අල්ලාහ් අබියසින් කවර කරුණක් නුඹ ඔවුන් වෙත ගෙන ආවේ ද ඒ ගැනි විශ්වාස කරන්නට හැකිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න